කොල්ලාකරුවන් දෙදෙනාට දූනගහ ප්‍රදේශවාසීන්ගෙන් පූජාවක්...
කොල්ලාකරුවන් දෙදෙනාට දූනගහ ප්‍රදේශවාසීන්ගෙන් පූජාවක්...
ඊයේ දින දිවුලපිටිය බටයපොළ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රන් මාලයක් කොල්ල කා පලා යමින් සිටි කොල්ලාකරුවන් දෙදෙනාට දූනගහ ප්‍රදේශවාසීන්ගෙන් පූජාවක්...
මිනුවන්ගොඩ දමිත් තිසර
ඉන්පසු මෙම කොල්ලකරුවන් දෙදෙනා දිවුලපිටිය පල්ලිය පිටිය ප්‍රදේශයේ තවත් රන්මාලයක් කොල්ලකෑ තිබෙනවා.
දිවුලපිටිය පල්ලියේ පිටිය ප්‍රදේශවාසීන් මෙම රන්මාලය කොල්ලකෑ සැකකරුවන් දෙදෙනා පිටුපස පලා ගොස් ඇති අතර එම සැකකරුවන් දෙදෙනා පැමිණි යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී රිය අනතුරක් සිදුවී ඇති බව දිවුලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතා පවසයි.
අනතුරෙන් පසු රන්මාලය කොල්ල කෑ සැකකරුවන් දෙදෙනාට ප්‍රදේශවාසීන් පහරදී දිවුලපිටි පොලිසිය වෙත භාරදී තිබේ.
බටේපොළ ප්‍රදේශයේදිත් පල්ලිය පිටිය ප්‍රදේශයේදීත් රන්මාල කොල්ලකෑ සැකකරුවන් දෙදෙනා කඩු දෙකක් සමග, යතුරුපැදියක්, එක් රන්මාලයක් සොයා ගැනීමට දිවුලපිටිය පොලිසිය සමත් වී ඇත.
නමුත් එක් රන් මාලයක් සොයා ගැනීමට නොහැකි විය.
පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් දෙදෙනාගෙන් එක් සැකකරුවෙක් මීරිගම ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවත්, අනිත් සැකකරු ජා- ඇල ප්‍රදේශයේ පදිංචි කරුවෙක් බවත්, මෙම පුද්ගලයින් දෙදෙනා තදින්ම මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වෙච්ච පුද්ගලයන් බවත් දිවුලපිටි පොලිසිය හඳුනාගෙන ඇත.
මෙම සැකකරුවන් සන්තකයේ තිබී කුඩු මිලිග්‍රෑම් 12000 සොයාගෙන ඇත.
ඉදිරි විමර්ශන දිවුලපිටිය පොලිසිය විසින් සිදු කරන බව ස්ථානාධිපති චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතා අප කළ විමසීමකදී පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අද දින මිනුවන්ගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
Comments
Post a Comment