කැස්බෑව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නිමල් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි
නැසී ගිය සුනීතා ලාලනි ගුණරත්න මහත්මියගේ ආදරණීය සැමියා වූ නිමල් ආරියදාස මහතා, දරුවන් තිදෙනෙකුගේ පියෙකු වු අතර මිය යන විට ඒ මහතා වයස අවුරුදු 74 කි.
1972 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ආරියදාස මහතා 2002 සිට 2006 කැස්බෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසත් තේරිපත් කටයුතු කලේය.
පසුව පැවති මැතිවරණයෙන් පක්ෂය පරාජය වීමෙන් පසු කැස්බෑව ප්‍රාදේශීය සභාවේ විපක්ෂ නායක ලෙසත් කටයුතු කර ඇත.
පසු ගියදා අභාවප්‍රාප්ත වු හිටපු සභාපති පරයාගේ දේහය කැස්බෑව මඩපාත මාකන්දන අංක 179/4 ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු එළඹෙන ඉරු දින (23 ) සවස 4.00 ට බටුවන්දර පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතින් අප කල විමසීමකදී පැවසීය
Comments
Post a Comment