අනුරාධපුර "පුරවර උදානය" පොසොන් සැණකෙළියට සහභාගීවී නිවෙස් වෙත යමි සිටි ත්‍රීරෝද රථය යාපනය දෙසට විනෝද චාරිකාවක් යමින් සිටි බස් රථයේ ගැටි තරුණයින් දෙදෙනා මියගොස් ඇතැයි තලාව පොලිසිය පවසයි.
23 Jun 2024 04:45
මොහොමඩ් නිෆ්රාස් - අනුරාධපුර
අනුරාධපුර "පුරවර උදානය" පොසොන් සැණකෙළියට සහභාගීවී නිවෙස් වෙත යමි සිටි ත්‍රීරෝද රථය යාපනය දෙසට විනෝද චාරිකාවක් යමින් සිටි බස් රථයේ ගැටි තරුණයින් දෙදෙනා මියගොස් ඇතැයි තලාව පොලිසිය පවසයි.
අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තලාව ගොවිජන සේවා කේන්ද්‍රය ඉදිරිපිටදී (23) අළුයම ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙන් දෙදෙනෙකු මියගොස් තවත් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා ඇතැයි එප්පාවල පොලිසිය පවසති.

අනතුරෙන් බරපතල තුවාල ලැබූ තරුණයින් පිරිස අනතුර සිදුවු අවස්ථාවේ එස ස්ථානයට පැමිණි පිරිසක් විසින් තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරිමට කටයුතු කර තිබුනද, ඉන් තරුණයින් දෙදෙනෙකු රොහලට ඇතුලත් කන විටත් මිය ගොස් සිටි බවත් බරපතළ තුවාල ලැබූ අනිත් තරුණයින් දෙදෙනා වැඩිදුර ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරු කර යැවූ බවත් ඉන් එක් තරුණයකුගේ තත්වය බරපතළ බවත් අප කල වීමසීමකදී රෝහල් ආරංචි මාර්ග සදහන් කළේය.
අනතුර හේතුවෙන් එප්පාවල පොලිස් වසමේ මැඩියාව ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 24ක් වු සුසන්ත කුමාර පෙරේරාගේ සුපුන් සාලින්ද පෙරේරා සහ වයස අවුරුදු 19ක වන කවිඳු මදුශාන් පද්මසිරි නැමැති තරුණයින් දෙදෙනා මියගොස් ඇති අතර බස් රථයේ රියදුරු සහ බස් රථය පොලිස් භාරයට ගෙන ඇති අතර සිද්ධිය පිළිබඳව වැඩිදුර විමර්ශන තලාව පොලිසිය මගින් සිදු කරනු ලබයි.
Comments
Post a Comment