කල්පිටියේ බූරුවන් වඳවීමේ තර්ජනයක
![]() |
මිය යන්න ආසන්නව ජීවිතය යදින සතා |
කල්පිටියේ බූරුවන් වඳවීමේ තර්ජනයක
කල්පිටිය අර්ධ දීපයට ආවේණික ජෛව සම්පතක් සේම දෙස් විදෙස් සංචාරක ආකර්ශනයට ද හේතුවක් වන “කල්පිටි බූරුවෝ “කලක සිට වදවීමේ තර්ජනයට ලක් වෙමින් සිටින බව එම ප්‍රදේශයේ ජනතාව පවසයි.
ඔවුන්ගේ නිජ බිම් අහිමිවීම නිසා මහ මග රිය අනතුරුවලට ලක්ව මිය යන බූරුවන් මෙන්ම ගොවි බිම් ආක්‍රමනය කිරීම නිසාත්,නිවෙස් හා මුලු තැන්ගෙවල්වලට රිංගීම නිසා කැට කැබිලිති පහරට ලක්ව මිය යන්නෝ ද සුලභය.
බූරුවන්ගේ නිජ බිම් වනුයේ කල්පිටි කළපු තෙර,කඩොලාන වගුරු බිම් සහ වැලි කදු ආශ්‍රිත නිම්නයන් ය.
එහෙත් විවිධ සංවර්ධන ක්‍රියා ඇතුලු මිනිස් ක්‍රියාකාරකම් නිසා ඔවුන්ට තම නිජ බිම් අහිමි මේ වන විට අහිමි වී තිබෙයි.
කල්පිටි බූරුවන් වසර සිය ගනනක ඉතිහාසයක් ඇත. භාණ්ඩ සහ පුත්තලමේ ලුණු ප්‍රවාහනය සදහා ශ්‍රි ලංකාවට රැගෙන ආ බූරුවෝ දැන් කල්පිටි බූරුවෝ බවට පත්ව හමාරය.
Comments
Post a Comment