පළිබෝධ නාශක, කෘෂි රසායනයක ද්‍රව්‍ය අලෙවිය, භාවිතය, සහ ඒ පිළිබඳව මහවැලි බී කලාපයේ විශේෂ වැඩසටහනක්
පළිබෝධ නාශක, කෘෂි රසායනයක ද්‍රව්‍ය අලෙවිය, භාවිතය, සහ ඒ පිළිබඳව පවතින නීති රෙගුලාසි පිළිබඳව මහවැලි බී කලාපයේ පලිබෝධනාශක හා කෘෂි රසායක ද්‍රව්‍ය අලෙවි නියෝජිතයින් මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්
මනම්පිටිය නිමල් ජයරත්න
පොළොන්නරු දිස්ත්‍රික් ඇස්ටා කෘෂි අලෙවි ව්‍යවසායකයන්ගේ සංගමය, හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලදි.
පලිබෝධනාශක රෙජිස්ටර් ආචාර්ය ජේ ඒ සුමිත්, මහතාගේ සහ පළිබෝධ නාශක රෙජිස්ටර් අංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේදී මහවැලි බී කලාපයේ පළිබෝධ හා කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි නියෝජිතයින් මෙන්ම ගොවි සංවිධා නියෝජිතයින්, පලිබෝධ හා කෘෂි රසායනික ද්‍රව්‍ය සම්බන්ධ පවතින නීති රීති තත්ත්වයන් සහ අලෙවියේදී සහ භාවිතයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් විය.
පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙතෙක් නීත්‍යානුකූල නොවූ කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවිකරුවන් නීතිය අනුකූල මඟට ගැනීම, ගොවීන්ට ගුණාත්මක නිෂ්පාදන සාධාරණ මිලට ද්‍රව්‍ය අලෙවි කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව මෙහිදී පිළිගැනීමේ කතාව කරමින් අස්ටා කෘෂි අලෙවි ව්‍යසායකයන්ගේ පොළොන්නරු දිස්ත්‍රික් සංගමයේ සභාපති පද්මසිරි යාපාමහතා සඳහන් කළේය.
මේ කාලය වන විට විවිධ ජාවාරම්කරුවන් විසින් නීති විරෝධී පලිබෝධ හා කෘෂි රසායනයක ද්‍රව්‍ය වෙනත් ප්‍රසිද්ධ සමාගම්වල ලේබල් අනුකරණය කරමින් විශාල වශයෙන් වෙළඳපොළට නිකුත්කර ඇති බැවින් රජයක් ලෙස එම ජාවාරම්කරුවන්ට එරෙහිව උපරිම නීතිය ක්‍රියාත්මක කිරීමට පළිබෝධ නාශක රෙජිස්ටර්වරයා හැටියට තමා මෙන්ම නිලධාරීන් ක්‍රියාත්මක වී ඇති බවත්, එවැනි පුද්ගලයන්ට අධිකරණයේ නඩු සීයකට වැඩි ප්‍රමාණයක් ගොනුකර ඇති බව පළිබෝධනාශක රෙජිස්ටර් ආචාර්යය ජේ. ඒ. සුමිත් මහතා මෙහිදී සඳහන් කළේය.
සමාජයට අනුගත හා අයෝග්‍ය රසායනික ද්‍රව්‍ය හඳුනාගෙන ඒවා වෙළඳපොලෙන් ඉවත් කිරීමට මේ වනවිට කටයුතු කර තිබෙන බවත් ආහාර අලෙවි කරන ස්ථානයක කිසිසේත්ම රසායනික අලෙවි කර නොහැකි බවත් එවැනි පුද්ගලයන්ට එරෙහිව දැඩි නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවද සුමිත් මහතා කීවේය.
ශ්‍රී ලංකාවේ පලිබෝධනාශක පරිහරණය කිරීම, නිෂ්පාදනය කිරීම, කිසියම් කාරණයක් ,සඳහා භාවිතා කිරීමටනම් ඒ පළිබෝධනාශක වර්ගය ලියාපදිංචි වී තිබිය යුතු බවත්, එවැනි පලිබෝධ නාශක ලියාපදිංචි නොකර අලෙවි කිරීම සහ භාවිතා කරන්නේ නම් රජයේ විසින් පනවා ඇති නීති අනපනත් ක්‍රියාත්මක කිරීමට තමා මුර බල්ලෙකු ලෙස සමාජයත්, රජයත්, සුරක්ෂිත කිරීමට බැඳී සිටින බවද සුමින් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මහජනතාවගේ යහපත් අභිමතාර්ථයන් වෙනුවෙන් රජය පළිබෝධනාශක ආනයනය කිරීම, හැසිරීම ලේබල් කිරීම, සංයෝජනය කිරීම ,ප්‍රවාහනය,අලෙවිය, අලවේ සඳහා ඉදිරිපත් කිරීම, පාලනය කිරීම සඳහා ශ්‍රී ලංකා ජනරජයේ පාර්ලිමේන්තුව විසින් 1980 අංක 33 දරණ පළිබෝධනාශක පාලනය කිරීමේ පනත, සහ 1994 අංක 06 සහ 2011 අංක 31 දරණ සංශෝධන පනත් යටතේ වගන්ති 27 ක් යටතේ විස්තර කර ඇති බවද සුමිත් මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.
මෙම අවස්ථාවට අස්ටා කෘෂි අලෙවි ව්‍යවසායකයන්ගේ පොළොන්නරුව දිස්ත්‍රික් සභාපති, පත්මසිරි යාපා, කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි නියෝජිතයින්, නිෂ්පාදකයින්, මහවැලි නිලධාරීන්, ගොවි සංවිධාන නියෝජිතයින් රැසක් සහභාගි වී සිටියහ.
Comments
Post a Comment