Posts

Showing posts from 2024

පළිබෝධ නාශක, කෘෂි රසායනයක ද්‍රව්‍ය අලෙවිය, භාවිතය, සහ ඒ පිළිබඳව මහවැලි බී කලාපයේ විශේෂ වැඩසටහනක්

Image
 පළිබෝධ නාශක, කෘෂි රසායනයක ද්‍රව්‍ය අලෙවිය, භාවිතය, සහ ඒ පිළිබඳව පවතින නීති රෙගුලාසි පිළිබඳව මහවැලි බී කලාපයේ  පලිබෝධනාශක හා කෘෂි රසායක ද්‍රව්‍ය  අලෙවි නියෝජිතයින් මෙන්ම ගොවි සංවිධාන නියෝජිතයින් දැනුවත් කිරීමේ විශේෂ වැඩසටහනක්  මනම්පිටිය නිමල් ජයරත්න  පොළොන්නරු දිස්ත්‍රික් ඇස්ටා කෘෂි අලෙවි ව්‍යවසායකයන්ගේ සංගමය, හා ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සංවිධානය කරන ලදි. පලිබෝධනාශක රෙජිස්ටර් ආචාර්ය ජේ ඒ සුමිත්, මහතාගේ සහ පළිබෝධ නාශක රෙජිස්ටර් අංශයේ නිලධාරීන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම දැනුවත් කිරීමේ වැඩසටහනේදී මහවැලි බී කලාපයේ පළිබෝධ හා කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවි නියෝජිතයින් මෙන්ම ගොවි සංවිධා නියෝජිතයින්, පලිබෝධ හා කෘෂි රසායනික ද්‍රව්‍ය සම්බන්ධ පවතින නීති රීති තත්ත්වයන් සහ අලෙවියේදී සහ භාවිතයේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳව දැනුවත් විය. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙතෙක් නීත්‍යානුකූල නොවූ කෘෂි රසායනික ද්‍රව්‍ය අලෙවිකරුවන් නීතිය අනුකූල මඟට ගැනීම, ගොවීන්ට ගුණාත්මක නිෂ්පාදන සාධාරණ මිලට ද්‍රව්‍ය අලෙවි කිරීම මෙම වැඩසටහනේ අරමුණ බව මෙහිදී පිළි...

කොල්ලාකරුවන් දෙදෙනාට දූනගහ ප්‍රදේශවාසීන්ගෙන් පූජාවක්...

Image
  කොල්ලාකරුවන් දෙදෙනාට දූනගහ ප්‍රදේශවාසීන්ගෙන් පූජාවක්... ඊයේ දින දිවුලපිටිය බටයපොළ ප්‍රදේශයේදී යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු රන් මාලයක් කොල්ල කා පලා යමින් සිටි කොල්ලාකරුවන් දෙදෙනාට දූනගහ ප්‍රදේශවාසීන්ගෙන් පූජාවක්... මිනුවන්ගොඩ දමිත් තිසර ඉන්පසු මෙම කොල්ලකරුවන් දෙදෙනා දිවුලපිටිය පල්ලිය පිටිය ප්‍රදේශයේ තවත් රන්මාලයක් කොල්ලකෑ තිබෙනවා. දිවුලපිටිය පල්ලියේ පිටිය ප්‍රදේශවාසීන් මෙම රන්මාලය කොල්ලකෑ සැකකරුවන් දෙදෙනා පිටුපස පලා ගොස් ඇති අතර එම සැකකරුවන් දෙදෙනා පැමිණි යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි ලොරි රථයක ගැටී රිය අනතුරක් සිදුවී ඇති බව දිවුලපිටිය පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්ද්‍රසිරි හිරියාදෙනිය මහතා පවසයි. අනතුරෙන් පසු රන්මාලය කොල්ල කෑ සැකකරුවන් දෙදෙනාට ප්‍රදේශවාසීන් පහරදී දිවුලපිටි පොලිසිය වෙත භාරදී තිබේ. බටේපොළ ප්‍රදේශයේදිත් පල්ලිය පිටිය ප්‍රදේශයේදීත් රන්මාල කොල්ලකෑ සැකකරුවන් දෙදෙනා කඩු දෙකක් සමග, යතුරුපැදියක්, එක් රන්මාලයක් සොයා ගැනීමට දිවුලපිටිය පොලිසිය සමත් වී ඇත. නමුත් එක් රන් මාලයක් සොයා ගැනීමට නොහැකි විය. පොලිස් අත්අඩංගුවේ සිටින සැකකරුවන් දෙදෙනාගෙන්...

අනුරාධපුර "පුරවර උදානය" පොසොන් සැණකෙළියට සහභාගීවී නිවෙස් වෙත යමි සිටි ත්‍රීරෝද රථය යාපනය දෙසට විනෝද චාරිකාවක් යමින් සිටි බස් රථයේ ගැටි තරුණයින් දෙදෙනා මියගොස් ඇතැයි තලාව පොලිසිය පවසයි.

Image
  23 Jun 2024 04:45 මොහොමඩ් නිෆ්රාස් - අනුරාධපුර අනුරාධපුර "පුරවර උදානය" පොසොන් සැණකෙළියට සහභාගීවී නිවෙස් වෙත යමි සිටි ත්‍රීරෝද රථය යාපනය දෙසට විනෝද චාරිකාවක් යමින් සිටි බස් රථයේ ගැටි තරුණයින් දෙදෙනා මියගොස් ඇතැයි තලාව පොලිසිය පවසයි. අනුරාධපුර පාදෙණිය ප්‍රධාන මාර්ගයේ තලාව ගොවිජන සේවා කේන්ද්‍රය ඉදිරිපිටදී (23) අළුයම ත්‍රීරෝද රථයක් සහ බස් රථයක් මුහුණට මුහුණ ගැටීමෙන් සිදුවූ අනතුරකින් තරුණයෙන් දෙදෙනෙකු මියගොස් තවත් තරුණයින් දෙදෙනෙකු බරපතල තුවාල ලබා තලාව ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව අනුරාධපුර ශික්ෂණ රෝහලට මාරුකර යවා  ඇතැයි එප්පාවල පොලිසිය පවසති. රත්නපුර ප්‍රදේශයේ සිට යාපනය දෙසට විනෝද චාරිකාවක් යමින් සිටි බස් රථයේ අනුරාධපුර දෙස සිට තලාව දෙසට ගමන් කළ ත්‍රීරෝද රථයේ රියදුරුට වේගය පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයේ ප්‍රථිවිරුද්ධ මන්තීරුවෙන් පැමිණි බස් රථයේ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි තලාව රථවාහන පොලිසිය සඳහන් කළේ.  මෙම තරුණයින් පිරිස (22) රාත්‍රියේ අනුරාධපුර පැවැත්වෙන "පුරවර උදානය" පොසොන් සැණකෙළියට සහභාගීවී යළිත් නිවෙස් වෙත යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි සිද්ධ...

කොදෙව් කාන්තා පිළි දණ ගැස්සූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම

Image
  කොදෙව් කාන්තා පිළි දණ ගැස්සූ ශ්‍රී ලංකා කාන්තා ක්‍රිකට් කණ්ඩායම කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව අද (21) පැවති 3වන එක්දින තරගය ලකුණු 161කින් ජයග්‍රහණය කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් විය. තරගයේ කාසියේ වාසිය ජයග්‍රහණය කළ කොදෙව් කාන්තා කණ්ඩායම පළමුව පන්දු යැවීමට තීරණය කළහ. ඒ අනුව පළමුව පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 275ක් රැස් කිරීමට සමත් විය. එහිදී චමරි අතපත්තු ලකුණු 91ක් සහ නිලක්ෂිකා සිල්වා ලකුණු 63ක් රැස් කළ අතර පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 34යි පන්දු 5ක් අවසානයේ සියලුදෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුණේ ලකුණු 115ක් පමණි. මෙම තරගය ජයගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායමට කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව ඓතිහාසික එක්දින තරගාවලි ජයක් වාර්තා කිරීමට සමත් විය. ඒ අනුව වසර 16 කට පසු පළමු වරට බටහිර ඉන්දීය කොදෙව් කාන්තා පිලට එරෙහිව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 3 – 0 ලෙස පූර්ණ එක්දින තරගාවලි ජයක් හිමිකර ගත් අවස්ථාව මෙයයි.

ශ්‍රී ලංකා චාරිකාව ගැන ඇමති ජෙයිශංකර් X ගිණුමේ තැබූ සටහන දේශීය පුවත්

Image
  ඊයේ(20) මෙරට චාරිකාවක නිරත වූ ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා සිය සංචාරය පිළිබඳ සිය එක්ස් ගිණුමේ සටහනක් තබා ඇත. ඔහු එහි සඳහන් කර තිබුණේ තමාගේ නව ධුර කාලයේ පළමු ශ්‍රී ලංකා සංචාරය ඉතාමත් ඵලදායී ව නිමා කළ බවය. එසේම එහිදී ඔහු වැඩිදුරටත් දක්වා ඇත්තේ ඉන්දීයාව ඉදිරියටත් ශ්‍රී ලංකාවේ විශ්වාසදායි මිතුරෙකු ලෙස කටයුතු කරන බවය. එක් දින චාරිකාවක් සඳහා ඉන්දීය විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස්. ජෙයිශංකර් මහතා ඊයේ මෙරටට පැමිණ තිබිණි.. පළමුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණගැසුණු ඉන්දීය විදේශ අමාත්‍යවරයා ඉන් අනතුරුව අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමුවී සාකච්ඡාවල නිරත වුණි. එමෙන්ම දෙරටේ විදේශ අමාත්‍යවරුන් අතර හමුවක් ද පැවති අතර එහිදී විදේශ අමාත්‍ය අලි සබ්‍රි මහතා ශක්තිමත් ද්විපාර්ශ්වික සබඳතා තවදුරටත් වැඩිදියුණු කිරීමට එකඟවී තිබේ. ඉන්දීය විදේශ අමාත්‍යවරයා සහ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අතර හමුව පැවැත් වුණේ ඉන් අනතුරුවය. මෙරට දෙමළ පක්ෂ නියෝජිතයින් ද ඊයේ පස්වරුවේ ඉන්දීය විදේශ අමාත්‍යවරයා මුණගැසුණු අතර එම අවස්ථාවට ආණ්ඩුව නියෝජනය කරන අමාත්‍යවරු සහ විපක්ෂය නියෝජනය කර මන්ත...

කැස්බෑව ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති නිමල් ආරියදාස අභාවප්‍රාප්ත වෙයි

Image
   නැසී ගිය සුනීතා ලාලනි ගුණරත්න මහත්මියගේ ආදරණීය සැමියා වූ නිමල් ආරියදාස මහතා, දරුවන් තිදෙනෙකුගේ පියෙකු වු අතර මිය යන විට ඒ මහතා වයස අවුරුදු 74 කි.  1972 වර්ෂයේදී එක්සත් ජාතික පක්ෂයෙන් දේශපාලනයට පිවිසි ආරියදාස  මහතා 2002 සිට 2006 කැස්බෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙසත් තේරිපත් කටයුතු කලේය.  පසුව පැවති මැතිවරණයෙන් පක්ෂය පරාජය වීමෙන් පසු  කැස්බෑව ප්‍රාදේශීය සභාවේ  විපක්ෂ නායක ලෙසත්  කටයුතු කර ඇත.  පසු ගියදා  අභාවප්‍රාප්ත වු හිටපු සභාපති පරයාගේ දේහය කැස්බෑව මඩපාත මාකන්දන අංක 179/4 ලිපිනයේ පිහිටි ඒ මහතාගේ නිවසේ  තැන්පත් කර ඇති අතර අවසන් කටයුතු එළඹෙන ඉරු දින (23 ) සවස 4.00 ට බටුවන්දර පොදු සුසාන භූමියේදී සිදු කිරීමට නියමිත බව පවුලේ ඥාතින් අප කල විමසීමකදී පැවසීය

සජීවී ලිංගික දර්ශන අන්තර්ජාලයට මුදා හැරීමේ ජාවාරමක් හෙළිවෙයි

Image
  ලිංගික දර්ශන සජීවීව අන්තර්ජාලය හරහා චීන සමාගමකට යොමු කළ මහා පරිමාණ මුදල් ඉපැයීමේ ජාවාරමක් පිළිබඳ තොරතුරු අනාවරණය වූ බව පිළියන්දල පොලිසිය පවසයි. පිළියන්දල පොලිසියට ලද තොරතුරකට අනුව පිළියන්දල බටකැත්තර   කෝංගහවත්ත පාර දෙවන පටුමග  කුලී නිවසක පදිංචි තරුණ අඹුසැමි ජෝඩු මෙම මෙහෙයුම මඟින් අත්අඩංගුවට ගෙන තිබෙයි. අත්අඩංගුවට ගත් තරුණ අඹුසැමි ජෝඩු දෙකෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී  කොල්ලුපිටියේ පදිංචි තරුණ යුවළ විසින් ඉකුත් මාර්තු මාසයේදී  මොරටුව ප්‍රදේශයේ පුද්ගලයෙකුට අයත් මෙම නිවස කුලියට ගෙන ඇත. පොලිසිය වැටලීම කරන අවස්ථාවේ මෙහි තවත් යුවළක් සිට ඇති අතර ඔවුන් ද මේ ජාවාරමට සෘජුවම දායක වී ඇති බව තොරතුරු අනාවරණය වූ බව පොලිසිය පවසයි. වයස 22;23.26,27  පසුවන සැකකාර අඹුසැමි ජෝඩු දෙක අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

කල්පිටියේ බූරුවන් වඳවීමේ තර්ජනයක

Image
මිය යන්න ආසන්නව ජීවිතය යදින ස⁣තා  කල්පිටියේ බූරුවන් වඳවීමේ තර්ජනයක  කල්පිටිය අර්ධ දීපයට ආවේණික ජෛව සම්පතක් සේම දෙස් විදෙස් සංචාරක ආකර්ශනයට ද හේතුවක් වන “කල්පිටි බූරුවෝ “කලක සිට වදවීමේ තර්ජනයට ලක් වෙමින් සිටින බව එම ප්‍රදේශයේ ජනතාව පවසයි. ඔවුන්ගේ නිජ බිම් අහිමිවීම නිසා මහ මග රිය අනතුරුවලට ලක්ව මිය යන බූරුවන් මෙන්ම ගොවි බිම් ආක්‍රමනය කිරීම නිසාත්,නිවෙස් හා මුලු තැන්ගෙවල්වලට රිංගීම නිසා කැට කැබිලිති පහරට ලක්ව මිය යන්නෝ ද සුලභය. බූරුවන්ගේ නිජ බිම් වනුයේ කල්පිටි කළපු තෙර,කඩොලාන වගුරු බිම් සහ වැලි කදු ආශ්‍රිත නිම්නයන් ය. එහෙත් විවිධ සංවර්ධන ක්‍රියා ඇතුලු මිනිස් ක්‍රියාකාරකම් නිසා ඔවුන්ට තම නිජ බිම් අහිමි මේ වන විට අහිමි වී තිබෙයි. කල්පිටි බූරුවන් වසර සිය ගනනක ඉතිහාසයක් ඇත.  භාණ්ඩ සහ පුත්තලමේ ලුණු ප්‍රවාහනය සදහා ශ්‍රි ලංකාවට රැගෙන ආ බූරුවෝ දැන් කල්පිටි බූරුවෝ බවට පත්ව හමාරය.
Image
  ඉදිරියේදී ගංවතුර තත්ත්වයක් ඇතිවුව හොත් ඊට මුහුණ දීම සඳහා කණ්ඩායම් 42 ක් සූදානම් කර ඇතැයි නාවික හමුදාව පවසයි. නාවික හමුදාව පැවසුවේ, එම කණ්ඩායම්වල නාවික හමුදා සාමාජිකයින් 150 කට අධික සංඛ්‍යාවක් සිටින බවයි. මේ අතර හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවූවහොත් පුද්ගලයින් මුදා ගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා තුනක් සූදානම් කර තබා ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. ගුවන් හමුදාව පැවසුවේ, එම යානා රත්මලාන, කටුනායක හා හිඟුරක්ගොඩ සූදානම් කර තබා ඇති බවයි. යානා සමග ගලවා ගැනීමේ හා මුදවා ගැනීමේ කටයුතු සඳහා පුහුණුව ලැබූ කණ්ඩායමක්ද සූදානමින් සිටින බව ගුවන් හමුදාව සඳහන් කළේ ය. මේ අතර , හදිසි ගංවතුර තත්ත්වයකට මුහුණදීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම භට කණ්ඩායම් සූදානමින් තබා ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව ද ප්‍රකාශ කළේ ය.