Posts

Showing posts from May, 2024
Image
  ඉදිරියේදී ගංවතුර තත්ත්වයක් ඇතිවුව හොත් ඊට මුහුණ දීම සඳහා කණ්ඩායම් 42 ක් සූදානම් කර ඇතැයි නාවික හමුදාව පවසයි. නාවික හමුදාව පැවසුවේ, එම කණ්ඩායම්වල නාවික හමුදා සාමාජිකයින් 150 කට අධික සංඛ්‍යාවක් සිටින බවයි. මේ අතර හදිසි ගංවතුර තත්ත්වයක් ඇතිවූවහොත් පුද්ගලයින් මුදා ගැනීමේ කටයුතු සඳහා ගුවන් යානා තුනක් සූදානම් කර තබා ඇතැයි ශ්‍රී ලංකා ගුවන් හමුදාව පවසයි. ගුවන් හමුදාව පැවසුවේ, එම යානා රත්මලාන, කටුනායක හා හිඟුරක්ගොඩ සූදානම් කර තබා ඇති බවයි. යානා සමග ගලවා ගැනීමේ හා මුදවා ගැනීමේ කටයුතු සඳහා පුහුණුව ලැබූ කණ්ඩායමක්ද සූදානමින් සිටින බව ගුවන් හමුදාව සඳහන් කළේ ය. මේ අතර , හදිසි ගංවතුර තත්ත්වයකට මුහුණදීම සඳහා සෑම දිස්ත්‍රික්කයකම භට කණ්ඩායම් සූදානමින් තබා ඇතැයි ශ්‍රී ලංකා යුද හමුදාව ද ප්‍රකාශ කළේ ය.